• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාර්ක් හස්ත කර්මාන්ත සංවර්ධන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීම
- සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයෙහි සෑම සාමාජික රටකම සාර්ක් සංවර්ධන අරමුදලේ සහාය සහිතව අත්කම් ගම්මාන පිහිටුවීමට යෝජනා වී ඇත. එමඟින් සාර්ක් කලාපයේ අඩු ආදායම්ලාභී කලාකරුවන්ගේ සුබසාධනය ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබා දීමට අපේක්ෂා කරනු ලබයි. මෙම වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා වන ව්‍යාපෘති වාර්තාව අනුව ශ්‍රී ලංකාව තුළ සාර්ක් හස්ත කර්මාන්ත සංවර්ධන මධ්‍යස්ථානය ලෙස ජාතික ශිල්ප සභාව සතු පොල්ගොල්ල හස්ත කර්මාන්ත සංවර්ධන මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව සාර්ක් සංවර්ධන අරමුදලේ සහාය සහිතව සාර්ක් හස්ත කර්මාන්ත සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.