• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ නිකුත් කළ රෙගුලාසි සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය පිහිටුවීම සහ රක්ෂණ ව්‍යාපාරය විචක්ෂණශීලිව වෘත්තීය මට්ටමින් පවත්වා ගෙන යාම තහවුරු කිරීම තුළින් රක්ෂණයට දායක වන අයගේ අයිතීන් ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ව්‍යාපාරය සංවර්ධනය, අධීක්ෂණය හා නියාමනය උදෙසා 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත හඳුන්වා දෙන ලදී. ඒ යටතේ රක්ෂණකරුවෙකු විසින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙත වාර්ෂික ගාස්තු ගෙවීම පිළිබඳ විධිවිධාන ඇතුළත් කර නිකුත් කර ඇති අංක 2104/9 දරන 2018 12 31 දිනැති ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.