• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අභ්‍යන්තර අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම
- උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශයන්හි පැවති ගැටුම් හේතුවෙන් සුබසාධන මධ්‍යස්ථාන 25ක් තුළ අභ්‍යන්තරව අවතැන් වූ පවුල් 577ක් පමණ තවදුරටත් දිවි ගෙවයි. මේ අතුරින් පවුල් 381ක් ඉඩම් අහිමි පවුල් ලෙස හඳුනාගනු ලැබ තිබේ. එසේ වුවද, යාපනය ප්‍රදේශයේ ප්‍රමාණවත් රජයේ ඉඩම් නොමැතිකම හේතුවෙන් ඔවුන් නැවත පදිංචි කිරීම සඳහා රජයේ ඉඩම් වෙන්කරවා ගැනීම බරපතල ගැටලුවක්ව පවතී. එබැවින් මෙම පවුල් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව පදනම් කර ගනිමින් පුද්ගලික හිමිකරුවන් වෙතින් මිල දී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.