• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පයිනස් වන වගා, දේශීය ශාක විශේෂ සහිත වන වගා බවට පරිවර්තනය කිරීම සඳහා වනාන්තර තිරසර කළමනාකරණය හා පුනරුත්ථාපනය පිළිබඳ ආසියා ශාන්තිකර ජාලය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම
- පයිනස් වගාවන් ආශ්‍රිතව දේශීය ශාක විශේෂ වගා කිරීම මඟින් යටිරෝපණයක් වර්ධනය කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම හරහා ජල පෝෂක ප්‍රදේශයන්හි ඇති, වන වගාවන්හි පාංශු හා ජල සංරක්ෂණය ඉහළ නැංවීමටත්, ජෛව විවිධත්වය වර්ධනය කිරීමටත් ලබා ගත හැකි දායකත්වය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාවේ දැනට පවතින පයිනස් වන වගා, දේශීය ශාකවලින් අනූන වන වගා බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි. මෙම ව්‍යාපෘතිය, වනාන්තර තිරසර කළමනාකරණය සහ පුනරුත්ථාපනය පිළිබඳ ආසියා ශාන්තිකර ජාලය මඟින් ලබා දෙනු ලබන ප්‍රදාන යටතේ ඉදිරි වර්ෂ තුනක (03) කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා එම ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.