• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක්වූ නිවාස හිමියන්ට සහන සැලසීම
- උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වූ නිවාස හිමියන්ගේ පදිංචිය සඳහා විකල්ප ඉඩම් ලබා දෙන තෙක් මෙම පදිංචිකරුවන් සඳහා ලබා දෙන මාසික නිවාස කුලිය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයේ හඳුනාගෙන ඇති ඉඩමට අදාළව සිදු කළ යුතු කාර්යයන් සිදු කරන තෙක් ඔවුන්ට ලබා දෙන ගෙවල් කුලී දීමනාව තවත් මාස 03ක් දක්වා දීර්ඝ කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.