• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ උණවටුන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිහිටි ඉඩම එම මණ්ඩලය වෙත පවරා දීම
- ගාල්ල උණවටුන ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානය මඟින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වෙනුවෙන් සුවිශේෂි වූ නේවාසික ප්‍රතිකාර හා පුනරුත්ථාපන වැඩසටහන් පවත්වා ගෙන යන අතර, එමඟින් පුනරුත්ථාපනය වන පුද්ගලයින් යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කරනු ලබයි. 1990 වර්ෂයේදී ප්‍රජා ප්‍රතිකාර කඳවුරක් ලෙස ආරම්භ කරන ලද මෙම ස්ථානය 1991 වර්ෂයේ සිට නේවාසික පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යයි. සේවාලාභීන් 35 දෙනෙකුට එකවර නේවාසික සේවාවන් මෙම මධ්‍යස්ථානය මඟින් සැපයිය හැකි වුවත්, සෑම අවස්ථාවකම 50කට අධික ප්‍රමාණයක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටී. මෙම මධ්‍යස්ථානය පිහිටි ඉඩම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සතු බැවින් මෙම මධ්‍යස්ථානයේ සේවාවන් සඳහා පවතින ඉල්ලුම සපුරාලිය හැකි වන පරිදි නව ඉදි කිරීම් සිදු කිරීමේ හැකියාවක් නොමැත. එබැවින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිහිටි ඉඩම එම මණ්ඩලය වෙත පවරා දීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.