• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය හා චීනයේ ෂැන්ග්ඩොන් විදේශ වෙළඳ වෘත්තීය පුහුණු විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- දේශීය හා විදේශීය අධ්‍යයන ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය, ශ්‍රම බලකාය තුළ අධ්‍යයන කටයුතු ප්‍රවර්ධනය කරමින් සේවා නියුක්තියන්ට ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා, වැඩමුළු පැවැත්වීම සහ ඒ පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කරනු ලබයි.

ජාත්‍යන්තර ව්‍යාපාර අධ්‍යයන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ විවිධ පාඨමාලා පවත්වනු ලබන චීනයේ ෂැන්ග්ඩොන් විදේශ වෙළඳ වෘත්තීය පුහුණු විද්‍යාලය සහනදායී පදනමින් ජාතික ශ්‍රම අධ්‍යාපන ආයතනයේ සිසුන්ටද කෙටිකාලීන පාඨමාලා පැවැත්වීමට එකඟතාවය පළ කර තිබේ. ඒ අනුව කණ්ඩායම් වශයෙන් සිසුන් තෝරා ගෙන කෙටිකාලීන විදේශ පුහුණු පාඨමාලා සහන පදනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ එම ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.