• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතු සේවකයින් සඳහා දීමනාවක් ලබා දීම
- වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 750/- දක්වා ඉහළ දැමීමට සේවක වෘත්තීය සංගම් හා ප්‍රාදේශීය වැවිලි සමාගම් අතර එකඟතාවක් ඇති කර ගෙන ඇත. එසේ වුවද, එකී වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවන බවට වැවිලි ක්ෂේත්‍රය තුළ අසහනකාරි තත්ත්වයක් පැන නැඟී ඇති අතර, ඒ පිළිබඳව ඉදිරිපත් වී ඇති නියෝජනයන් සලකා බලා වතු සේවකයින් සඳහා සහන සැලසීමේ අරමුණින් ප්‍රාදේශීය වැවිලි සමාගම්වල වතු සේවකයින් සඳහා දැනට එකඟවී ඇති දිනක වැටුපට අතිරේකව තවත් රුපියල් 50/-ක දීමනාවක් ලබා දීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට අදාළව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.