• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37ක් කල්බදු පදනම මත ප්‍රසම්පාදනය කර ගැනීම
- පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37ක් කල්බදු පදනම මත සපයා ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත සොෆ්ට්ලොජික් ඔටෝමෝබයිල් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.