• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 මැයි මාසය සඳහා අවශ්‍ය වන පොහොර ප්‍රසම්පාදනය
- 2019 වර්ෂයේ මැයි මාසය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා අවශ්‍ය රසායනික අවශ්‍යතාව සපුරනු පිණිස යූරියා මෙට්‍රික් ටොන් 8,000ක් මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 302.54 බැගින්, මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 8,900ක් මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 343.74 බැගින් හා මියුරියේට් ඔෆ් පොටෑෂ් (රතු/රෝස) මෙට්‍රික් ටොන් 2,000ක් මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 343.74 බැගින් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත වැලන්සි ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් පුද්ගලික සමාගම වෙතින් මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.