• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බතලයාය, බෙලගන්වැව සහ ගිරාදුරු-කෝට්ටේ යන ප්‍රදේශවල ජල සම්පාදන යෝජනා ක්‍රම
- පළාත් පාලන වැඩිදියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය යටතේ ඌව පළාතේ බතලයාය සහ බෙලගන්වැව ප්‍රදේශ සඳහා ජලනළ දීර්ඝ කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ගිරාදුරු-කෝට්ටේ ජල පවිත්‍රාගාරය වැඩිදියුණු කිරීමේ හා ජල තුළුමුව ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ (CACP) නිර්දේශය පරිදි Squire Mech Engineering (pvt) Limited වෙත පිරිනැමීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.