• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මිල දී ගැනීම
- පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා කඩිනමින් අවශ්‍ය ගල් අඟුරු ක්ෂණික මිල දී ගැනීම් (Spot Tender) යටතේ මිල දී ගැනීම සඳහා අනුමැතිය ලබා දෙනු ලැබ ඇති අතර, ඒ අනුව එම බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000 ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 81.87 බැගින් M/s Adani Global Pte. Ltd වෙතින් මිල දී ගැනීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.