• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහියංගනය, වවුනියා, ඇඹිලිපිටිය ග්‍රිඩ් උප පොළ 03 සඳහා ආයෝජකයින් සමඟ ගිවිසුම්වලට එළඹීම
- සූර්යබල සංග්‍රාමය වැඩසටහනය යටතේ දිවයිනපුරා මධ්‍යම ජාලයට සම්බන්ධ කරන ලද සූර්ය බලාගාර 90 ඉදි කිරීම සඳහා ග්‍රිඩ් උපපොළවල් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව මහියංගනය, ඇඹිලිපි‍ටිය සහ වවුනියා ග්‍රිඩ් උපපොළවල් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි තෝරා ගනු ලැබ ඇති ආයෝජකයින් සමඟ විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම්වලට එළඹීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.