• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර නිදහස් වෙළඳාමේ ප්‍රතිලාභ අත්කර ගැනිම සඳහා වන වෙළඳ ගැලපුම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
- නිදහස් වෙළඳාම හා ජාත්‍යන්තර තරගකාරිත්වය තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට ලබා ගත හැකි ප්‍රතිලාභ වර්ධනය කරගැනීම සඳහා එම ක්ෂේත්‍රයට අදාළ පාර්ශ්වයන්ගේ පුළුල් සහභාගිත්වය ඇතිව සවිස්තරාත්මක වෙළඳ ගැළපුම් වැඩසටහනක් සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම වැඩසටහන ඵලදායි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි කර්මාන්ත සඳහා වෙළඳ ගැළපුම් නිර්දේශ කිරීමට ස්වාධීන ආයතන ලෙස වෙළඳ හා ඵලදායිතා කොමිසම, ඒකාබද්ධ මෙහෙයුම් කමිටුව හා වෙළඳ හා ඵලදායිතා කොමිසමක් ස්ථාපිත කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා; සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.