• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බොරලන්ද පිහිනුම් තටාකය ඉදි කිරීම
- වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයේ පිහිටා ඇති නගරය ආසන්නයේ පිහිටි බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලය පිහිටා ඇති භූමියේ මංතීරු 06කින් යුත් මීටර 25ක් දිග පිහිණුම් තටාකයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. එම ප්‍රදේශයේ වෙසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, පාසල් දරුවන්ට රාජ්‍ය සේවකයින්ට, පොලිස් නිලධාරින්ට, පාසල් බාලදක්ෂයින්ට, ජීවිත ආරක්ෂක පිහිණුම් උපදේශකයින් පොලිස් හා අනෙකුත් සේවාවල ආධුනික නිලධාරින්ගෙන් පුහුණු කටයුතු සඳහා යොදා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම පිහිණුම් තටාකය භාවිතයට ගතහැකිවනු ඇත. රුපියල් මිලියන 50ක ආයෝජනයක් සහිතව මෙම ව්‍යාපෘති සිදු කිරීම පිණිස විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.