• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1982 අංක 33 දරන වකුප් පනත කාලානුරූපීව යාවත්කාලීන කිරීම
- රටපුරා පිහිටා ඇති මුස්ලිම් පල්ලි හා මුස්ලිම් පුණ්‍ය භාර පරිපාලනයේ පවතින ගැටලු සහ ආරවුල් විසඳීම සඳහා අවශ්‍ය නෛතික මාර්ගෝපදේශ සැලසීම සහ වකුප් සභාව සහ වකුප් විනිශ්චය සභාව යන ආයතනවල මනා ක්‍රියාකාරිත්වය වෙනුවෙන් වත්මන් වකුප් පනතට කාලානුරූපව අවශ්‍ය වන යාවත්කාලීන කිරීම් සිදු කිරීම පිණිස අවශ්‍ය සංශෝධන සලකා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.