• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ පාසල්වල 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන ය‍ටතේ පාසල් හරහා ආයතනගත වූ සිසුන් සඳහා සහන සැලසීම
- 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන් දෙවන අධ්‍යයන වර්ෂයේදී තෝරා ගත් වෘත්තීය විෂයකට අදාළව ජාතික වෘත්තීය කුසලතා (NVQ) 4 මට්ටමේ සහතිකය ලබා දීමට අනුමැතිය ඇති වෘත්තීය පුහුණු ආයතනයකින් අධ්‍යාපනය ලැබිය යුතුව ඇත. මෙවැනි වෘත්තීය පුහුණු ආයතන බොහොමයක් ප්‍රධාන නගරවල පිහිටා තිබීම හා ඇතැම් පුහුණු ආයතන එක් ස්ථානයක පමණක් පිහිටා තිබීම හේතුවෙන් ඇතැම් සිසුන් ප්‍රවාහන හා නේවාසික පහසුකම් සලසා ගැනීමේදී අධික පිරිවැයක් දරන බව නිරීක්ෂණය වී ඇත. එබැවින් පාසල් හරහා ආයතනගතවන සිසුන් සඳහා ප්‍රවාහන හා අනෙකුත් වියදම් ආවරණය කරගැනීම පිණිස රුපියල් 500/-ක දෛනික දීමනාවක් ලබා දීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.