• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැටුම් හේතුවෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින්ගේ ‍දේපළ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි වන පරිදි සහන කාලයක් ලබා දීමට කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත නැවත පැනවීම
- පසුගිය සමයේ පැවැති ගැටුම් හේතුවෙන් ඉඩම් ඇතුළු නිශ්චල දේපළ නැවත අත්කර ගැනීම සඳහා අධිකරණය හමුවේ සිය අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා විශේෂ නෛතික විධිවිධාන සලසා දීමේ අරමුණින් 2016 අංක 5 දරන කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත බලාත්මක කරන ලදී. එම පනත මඟින් අවාසිදායක තත්ත්වයට පත්වූ තැනැත්තන් කාලාවරෝධ ආඥා පනතේ විධිවධානවලින් බැහැර කරනු ලබන අතර මෙම පනත ක්‍රියාත්මක කරන දින සිට වසර 02ක කාලසීමාවක් තුළ අධිකරණයට නඩුවක් පැවරීමට අවාසිදායක තත්ත්වයට පත්වූ තැනැත්තන් හට අවස්ථාව සලසා දෙයි. නඩුකරයක් පැවරීම සඳහා ගැටුම් පැවැති සමයේ අස්ථානගත වූ ලියකියවිලි නැවත සකස් කරගැනීමට හෝ ඉඩම්වල අයිතිය සම්බන්ධයෙන් අදාළ සාක්ෂි රැස්කිරීමට සහ මෙම පනත පිළිබඳ අදාළ පුද්ගලයින් දැනුවත්විම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතු බව නිරීක්ෂණය වි ඇත. එබැවින් මෙම පනත ක්‍රියාත්මකවීමේ කාලය තවදුරටත් වසර 03කින් දීර්ඝ කිරීම සඳහා කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත නැවත පැනවීම සඳහා නීති කෙටුම්පත් කිරීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.