• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරු කිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුමකට එළඹීම
- පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරු කිරීම මඟින් දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් අත් කරගත හැකි ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ උක් පර්යේෂණ ආයතනය, පාකිස්ථානයේ ෆයිසලාබාද්හි උක් පර්යේෂණ සංවර්ධන මණ්ඩලය සහ එහි උක් පර්යේෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.