• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජගිරිය සෙරමෝනියල් ඩ්‍රයිව් ප්‍රදේශයේ මැදි ආදායම් ලබන වෘත්තිකයින් සඳහා වන නිවාස ව්‍යාපෘතියක් සිදු කිරීම
- රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තකයින් ඇතුළු මැදි ආදායම් ලබන පවුල් සඳහා දැරිය හැකි මුදලකට නිවාස ඒකක 500,000ක් සැපයීමේ ව්‍යාපෘතියක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ යටතේ රාජගිරිය සෙරමෝනියල් ඩ්‍රයිව් ප්‍රදේශයේ මැදි ආදායම් ලබන වෘත්තිකයින් සඳහා නිවාස ඒකක 177කින් සහ අනෙකුත් පහසුකම්වලින් යුත් නිවාස ව්‍යාපෘතියක්, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව පදනම යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.