• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර නානවලදොළ ජල මූලාශ්‍රයේ ජල පෝෂක ප්‍රදේශය සංරක්ෂණය කිරීම
- රත්නපුර නානවලදොළ ජල මූලාශ්‍රය මඟින් අක්කර 89ක පමණ කුඹුරු ඉඩම් සඳහා ජලය සපයනු ලබන අතර ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වන පානීය ජල ව්‍යාපෘතිය මඟින් පවුල් 140ක් සඳහා ජලය සපයනු ලැබේ. ඒ අනුව එම ජල මූලාශ්‍රයට අයත් ජලපෝෂක ප්‍රදේශය සංරක්ෂණය කර පවත්වාගෙන යෑමේ වැදගත්කම සැලකිල්ලට ගෙන දැනට නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති එම භූමිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.