• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැනට පවතින විදුලි හිඟයට මුහුණදීම සඳහා විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම
- මේ වන විට පවත්නා වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ විදුලිය ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය විදුලිබලය නිෂ්පාදනය කිරීම අභියෝගයක්ව පවතී. විදුලිබල නිෂ්පාදනය යථා තත්ත්වයට පත් වන තෙක් ඉතා අරපිරිමැස්මෙන් යුතුව විදුලිබල පරිභෝජනය සිදු කිරීම මඟින් සැලකිය යුතු ප්‍රමාණයක විදුලිබලයක් ඉතිරි කරගැනීමට ඇති හැකියාව සලකා ගෘහස්ථ හා වාණිජ වශයෙන් විදුලිබලය පරිභෝජනයේදී අරපිරිමැස්මෙන් යුතුව විදුලිය භාවිතා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ මහජනතාව සහ ආයතන දැනුවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. මේ අනුව ඉදිරි මාස තුනක (03) කාලය තුළ සියලුම නිවෙස්වල විදුලි පහන් දෙකක් (02) නිවා දැමීම, රාජ්‍ය ආයතන, ආගමික හා වාණිජ ස්ථානවල විදුලි පරිභෝජනය 10%ක ප්‍රමාණයකින් අඩු කිරීම, අනවශ්‍ය වීදි පහන් නිවා දැමීම හා සාමාන්‍ය දිනවලදී වීදි පහන් නිවීම සිදු කරන වේලාවට පැයකට ප්‍රථම සියලුම විදුලි පහන් නිවා දැමීම යනාදී ක්‍රියාමාර්ග මඟින් විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.