• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදුලිබල කර්මාන්තය සම්බන්ධයෙන් වූ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ නිකුත් කිරීම
- 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 5 වන වගන්තියේ විධිවිධාන අනුව විදුලිබල කර්මාන්තය සම්බන්ධයෙන් වූ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ නිකුත් කිරීම අමාත්‍යවරයා විසින් නිකුත් කළ යුතුව තිබේ. ඒ අනුව, මෙතෙක් ක්‍රියාත්මක වන 2009 දී ප්‍රකාශයට පත් කර ඇති මාර්ගෝපදේශ අහෝසි කරමින්, බලශක්ති ක්ෂේත්‍රයේ පැන නඟිමින් පවතින ගැටලු විසඳීමේ අරමුණින් ඉන්ධන විවිධත්වය හා සුරක්ෂිතතාවය, විදුලිබල අයක්‍රම, විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ පද්ධති, විදුලි ව්‍යාපෘති මූල්‍යනය, බලශක්ති සංරක්ෂණය, පාරිභෝගික සේවා, බහු අංශ සංවර්ධනය, ආරක්ෂාව හා බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම යනාදී අංශ ඇතුළත් කරමින් සකස් කර ඇති නව මාර්ගෝපදේශ නිකුත් කිරීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.