• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හානිකර හා අන්තරාදායක ක්ෂුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය රෝග නිශ්චය කිරීමේ පහසුකම් සහිත රසායනාගාරයක් ස්ථාපිත කිරීම
- විවිධ ක්ෂේත්‍රයන් ගණනාවක් ආවරණය වන පරිදි පර්යේෂණ පැවැත්වීම සහ රෝග විනිශ්චය සිදු කිරීම වසර 116ක පමණ ඉතිහාසයක් සහිත වෛද්‍ය පර්යේෂණායතනය මඟින් සිදු කරනු ලැබේ. එහි සේවා තවදුරටත් පුළුල් කරමින් හානිකර හා අන්තරාදායක ක්ෂුද්‍ර ජීවීන් නිසා ඇතිවන ආසාධන පැතිරීම්වලදී එම ක්ෂුද්‍ර ජීවීන් හඳුනා ගැනීමට හා ඒ සම්බන්ධව ආරක්ෂා සහිතව ක්‍රියා කිරීමට අවශ්‍ය උසස් මට්ටමේ පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ජීව-ආරක්ෂිත 3 වන මට්ටමේ රසායනාගාරයක් රුපියල් මිලියන 125ක ආයෝජනයක් සහිතව ‍ස්ථාපිත කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.