• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැලිසර පිහිටි ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල සංවර්ධනය කිරීම
- 1946 දී සේවා සැපයීම ආරම්භ කර ඇති වැලිසර පිහිටි ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල, ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග නිශ්චය කිරීම හා ප්‍රතිකාර කිරීම සඳහා වෙන් වූ එකම රෝහල ලෙස ක්‍රියාත්මක වේ. වාර්ෂිකව බාහිර රෝගීන් ලක්ෂයකට පමණ සේවා සපයන මෙම රෝහල වාර්ෂිකව උරස් ශල්‍යකර්ම 1,000කට ආසන්න ප්‍රමාණයක් සිදු කරනු ලබයි. ශ්වසන රෝගවලින් පීඩා විදින රෝගීන්ගේ වර්තමාන සහ අනාගත ඉල්ලුම සපුරාලමින් එම රෝහලේ සෞඛ්‍ය සත්කාර පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 9,180ක ආයෝජනයක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් අදියරගතව ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.