• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාරිභෝගිකයින්ට හා දේශීය නිෂ්පාදකයින්ට සහන සැලසීම සඳහා පනවන ලද විශේෂ වෙළඳ භාණ්ඩ බදු පැනවීමට නිකුත් කරන ලද ගැසට් නිවේදනයන්
- 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ප්‍රකාශයට පත් කරනු ලබන ගැසට් නිවේදන සඳහා, එම පනතේ 7(iii) වගන්තියේ විධිවිධාන අනුව හැකි ඉක්මණින් යෝජනා සම්මතයක් මඟින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුව තිබේ. ඒ අනුව, පාරිභෝගිකයින්ට හා දේශීය නිෂ්පාදකයින්ට සහන සැලසීම සඳහා පනවන ලද විශේෂ වෙළඳ භාණ්ඩ බදු පැනවීම්වලට අදාළව ප්‍රකාශයට පත් කරන ලද 2019 01 03 දිනැති අංක 2104/30, 2019 02 01 දිනැති අංක 2108/65, 2019 02 07 දිනැති අංක 2109/15, 2019 02 08 දිනැති අංක 2109/20, 2019 02 24 දිනැති අංක 2111/58 සහ 2019 03 02 දිනැති අංක 2112/48 දරන ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.