• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය පාලම් 200ක් ඉදි කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
- රටේ ප්‍රධාන සංවර්ධන ක්‍රියාදාමයන්හි පූර්ණ ප්‍රතිලාභ දුෂ්කර ගම්මාන සඳහාද ලබාදීමේ අරමුණ ඇතිව රට තුළ ප්‍රවාහන සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සඳහා රජයේ ප්‍රමුඛතාවය ලබා දී තිබේ. දුෂ්කර ප්‍රදේශ, දියුණු ප්‍රදේශ හා සම්බන්ධ කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් ඉදි කිරීමේ වැඩසටහන යටතේ ඉදි කිරීමට හඳුනාගෙන ඇති ග්‍රාමීය පාලම් අතුරින් පාලම් 200ක් නෙදර්ලන්ත සහන අරමුදල් යටතේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ. යුරෝ මිලියන 14ක ප්‍රදානයක් ඇතුළත් සහන ණය මුදලක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නෙදර්ලන්තයේ කෝපරේටිව් රාබෝබැංකුව යූ.ඒ. සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.