• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා අරමුදල් සලසා ගැනිම
- ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික සංවර්ධනය සඳහා ඵලදායී රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් සහ පුහුණුවක් තරුණ ප්‍රජාව වෙත ලබාදීමේ අවශ්‍යතාව රජය විසින් සැලකිල්ලට ගෙන තිබේ. ඒ අනුව පොළොන්නරුව ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන යටතේ හිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් යුරෝ මිලියන 35ක නෙදර්ලන්ත සහන අරමුදල් යටතේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. යුරෝ මිලියන 9.7ක ප්‍රදානයක් ඇතුළත් සහන ණය මුදලක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නෙදර්ලන්තයේ කෝපරේටිව් රාබෝබැංකුව යූ.ඒ. සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.