• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 අංක 12 දරන විදේශ විනිමය පනත යාවත්කාලීන කිරීම
- ශ්‍රී ලංකාව තුළ සඵලදායක විදේශ විනිමය කළමනාකරණයක් පවත්වා ගැනීම සඳහා විදේශ විනිමය පාලන පනත ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම වඩාත් ශක්තිමත් කිරීම සහ ඒ පිළිබඳ වන නියාමන කාර්යයන් ක්‍රියාවට නැංවීමට අවශ්‍යවන රෙගුලාසි නිකුත් කිරීම යනාදිය සඳහා විධිවිධාන ඇතුළත් කරමින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යාවත්කාලීන කරමින් සංශෝධනය කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.