• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ වින්දිතයන් සඳහා අවශ්‍ය සහය ලබා දීම
- උතුරු නැ‍ඟෙනහිර පළාත්වල පැවැති ගැටුම්වල ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගල නාශක බිම් බෝම්බ හා යුද බිමෙහි ඉතිරි වූ පුපුරණ ද්‍රව්‍යවලින් බලපෑමට ලක් වූ වින්දිතයන් 3,000ක පමණ සංඛ්‍යාවක් සිටින බව හඳුනාගෙන තිබේ. ඔවුන්ට අවශ්‍ය ප්‍රථමාධාර සහ වෛද්‍ය සත්කාර ලබා දීමට අමතරව බිම් බෝම්බ වැළැක්වීම පිළිබඳ ඔටාවා සම්මුතියෙහි පාර්ශ්වකරුවෙකු වශයෙන් එකී වින්දිතයන්ට තවදුරටත් අවශ්‍ය සහාය ලබා දීමට රජය කැප වී සිටී. වර්ග කිලෝමීටර 1,302ක් පමණ බිම් බෝම්බ පැතිරී තිබීම හේතුවෙන් අනතුරුදායක යැයි සැක කරන ලද ප්‍රදේශයක් තුළින් වර්ග කිලෝමීටර 25ක් හැර ඉතිරිය පරීක්ෂා කර බිම්බෝම්බවලින් තොර ප්‍රදේශයක් බවට පත් කිරීම පිණිස ශ්‍රී ලංකාව විසින් ගනු ලැබ ඇති පියවර, ජාත්‍යන්තරවද ඇගයීමට ලක් වී තිබේ. ඒ අනුව 2020 වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම පිණිස තවමත් බිම්බෝම්බ ඇතැයි සැක කෙරෙන ප්‍රදේශවලින් බිම්බෝම්බ ඉවත් කිරීම සහ ඒවායින් බලපෑමට ලක්වූවන් සඳහා අවශ්‍ය සහාය ලබා දීම පිණිස බිම්බෝම්බ පිළිබඳ කටයුතු කිරීමේ ජාතික වැඩසටහන වේගවත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.