• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධ එන්නත් මිල දී ගැනීම
- හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන විවිධ වර්ගවල එනොක්සපාරින් සෝඩියම් එන්නත් 690,000ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 1.82ක මුදලකට චීනයේ M/s. Shenzhen Techdow Pharmaceutical Co. Ltd වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.