• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්ත ගොඩනැඟිල්ලෙහි ශීතාගාර කාමර පහසුකම් ප්‍රතිස්ථානගත කිරීම
- කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්ත ගොඩනැඟිල්ලෙහි ශීතාගාර පිරියත කාමර අංක 2KK1හි ශීතාගාර, සිසිලන අටලු, පොම්ප, නළ යනාදී උපකරණ හා පහසුකම් ප්‍රතිස්ථානගත කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Softlogic Retail (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.