• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය සිට පොන්නාලෙයි දක්වා යාපනය - පොන්නාලෙයි - පේදුරුතුඩුව (AB21) මාර්ගය පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම
- උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වන උප ව්‍යාපෘතියක් ලෙස සැලසුම් කර ඇති යාපනය සිට පොන්නාලෙයි දක්වා යාපනය - පොන්නාලෙයි - පේදුරුතුඩුව මාර්ගයේ කිලෝමීට‍ර 1.83 සිට කිලෝමීට‍ර 14.6 දක්වා වන මාර්ග කොටස පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත Sierra Construction සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.