• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය සහ අධීක්ෂණය කරනු ලබන ආයතනවල වෝහාරික විගණනයක් පැවැත්වීම
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පරීක්ෂාකර බලා වාර්තා කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ වන නිර්දේශ සැලකිල්ලට ගෙන එමඟින් පෙන්වා දී ඇති කරුණු සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව එම කාර්යය සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ඇති ආයතනයක සේවය ලබාගැනීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.