• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියා - යුරෝපීය දේශපාලන සංසදයේ තෙවැනි රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
- 'සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ඉහළ යන වැඩිහිටි ජනගහනය සඳහා සමාජ ආරක්ෂණය හා රැකියා අවස්ථා සැලසීමේ අභියෝග' යන තේමාව යටතේ ආසියා - යුරෝපීය දේශපාලන සංසදයේ තෙවැනි රැස්වීම 2019 අප්‍රේල් මස 05 දින සිට 08 දින දක්වා කොළඹ දී පැවැත්වීම පිණිස යෝජනා වී තිබේ. එම රැස්වීම පැවැත්වීමට අවශ්‍ය සත්කාරකත්වය සහ පහසුකම් සැලසීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා; සහ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය‍ දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.