• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධ්‍යාපන සුපරීක්ෂණ සේවා ආයතනය ස්ථාපිත කිරීම
- වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ ගුණාත්මක බව ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙන නව සුපරීක්ෂණ හා ඇගයීම් සංස්කෘතියක් ස්ථාපිත කිරීම සඳහා අධ්‍යාපනයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ වගවීම හා වගකීම තහවුරු කිරීම පිණිස 'අධ්‍යාපන සුපරීක්ෂණ සේවාව' නමින් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් ස්ථාපිත කිරීම සඳහාත් එය පළාත් හා උප ආයතන මට්ටමින් පිහිටුවීමටත්, අධ්‍යාපන සුපරීක්ෂණ සේවාව විසින් සිදු කරනු ලබන අනාවරණ විශ්ලේෂණය කොට යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ස්වාධීන 'අධ්‍යාපන ප්‍රතීතන මණ්ඩලයක්' පිහිටුවීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.