• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණවල පහසුකම් ඉහළ නැංවීම
- අධිකරණ කටයුතු ඉහළ යාම, ඒ සඳහා භාවිතා කරන ගොඩනැඟිලිවල ප්‍රමාණවත් ඉඩකඩ හා පහසුකම් නොමැතිවීම යනාදී හේතු මත අධිකරණවල පහසුකම් ඉහළ නැංවීම සඳහා රජයේ අවධානය යොමු වී ඇත. ඒ යටතේ වලපනේ දිසා මහේස්ත්‍රාත් ගොඩනැඟිල්ල ඉදි කිරීම, නාරම්මල සංචාරක අධිකරණ කාර්යාල ගොඩනැඟිල්ල පුළුල් කිරීම, වාකරේ හා තෙල්ගොඩ සංචාරක අධිකරණ ගොඩනැඟිලි ඉදි කිරීම, අක්කරෙයිපත්තුව හා පොතුවිල් දිසා මහේස්ත්‍රාත් අධිකරණවල සහ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය හා ලේඛනාගාරය ඉදි කිරීම සහ හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සඳහා නිල නිවාස ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මෙම සංවර්ධන කටයුතු 2020 - 2022 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ රුපියල් මිලියන 592.86ක ආයෝජනයක් සහිතව සිදු කිරීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.