• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර නව අධිකරණ සංකීර්ණයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු නිම කිරීම
- මාතර නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලද අතර, මේ වන විට එහි ඉදි කිරිම් කටයුතු සිදු කෙරෙමින් පවතියි. 2019 මැයි මාසය වන විට අදාළ ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, එම අධිකරණ සංකීර්ණය නිසි පරිදි භාවිතයට ගැනීම සඳහා තවදුරටත් සිදු කළ යුතු වැඩිදියුණු කිරීම් සහ පහසුකම් සැලසීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.