• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය - 2018
- 2004 වර්ෂයේදී හඳුන්වා දුන් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සිදුවන ප්‍රවණතා සිදුවීම් හා තත්ත්වයන් සැලකිල්ලට ගෙන යාවත්කාලීන කළ යුතුව ඇත. ඒ අනුව, 2018 මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය වෙත මීට පෙර ඉදිරිපත් වූ අවස්ථාවේදී ඒ සඳහා විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය වන පරිදි ඉදිරිපත් වූ නිරීක්ෂණ සැලකිල්ලට ගෙන වැඩිදුරටත් යාවත්කාලීන කරමින් සකස් කරන ලෙස උපදෙස් දී ඇත. එම උපදෙස් අනුව සංශෝධනය කර ඇති 2018 මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, නිසි උපායමාර්ගික සැලැස්මකට අනුව ජාතික, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.