• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක වල ජනතාව වෙත පිරිසිදු පානීය ජලය සැපයීම
- නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල ජනතාව වෙත පිරිසිදු පානීය ජලය සැපයීමේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 298ක අරමුදල් යොදවා ලුණුගම්වෙහෙර, කිරිඳිඔය ජල පිළියම් යන්ත්‍රාගාරය උත්ශ්‍රේණිගත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එසේ උත්ශ්‍රේණිගත කරනු ලබන කිරිඳිඔය ජල පිරියම් යන්ත්‍රාගාරය මඟින් තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදි කර ඇති ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි ආදර්ශ ගම්මානයේ නිවාස ඒකක 217ක් වෙත ජලය බෙදාහැරීම සඳහා අවශ්‍ය නළ මාර්ග එළීමේ ව්‍යාපෘතිය ජාතික නිවාස වැඩසටහන සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා; සහ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.