• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාදුරුඔය ජලාශයේ මෙගා වොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදි කිරීම
- මාදුරුඔය ජලාශයේ ‍ පාවෙන මෙගා වොට් 100ක සූර්ය බලාගාරයක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතනවල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය සූර්ය පැනල සහ විදුලිය ගබඩා කළ හැකි විද්‍යුත් කෝෂ යොදා ගෙන සූර්ය බලශක්තිය ගබඩා කරන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කැනඩා රජය විසින් කර ඇති යෝජනාව අනුව යෝජිත ව්‍යාපෘතිය සඳහා කැනේඩියන් සෝලර් ආයතනය සමඟ ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමටත්, ඒ පිළිබඳ සාකච්ඡා කටයුතු සිදු කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරි කමිටුවක් පත් කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා; සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.