• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සත් මහල් ගොඩනැඟිලි සංකීර්ණයෙහි තවදුරටත් සිදු කළ යුතු නවීකරණ කටයුතු
- මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සත් මහල් ගොඩනැඟිලි සංකීර්ණය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 500ක ඇස්තමේන්තුවක් යටතේ රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව වෙත ප්‍රදානය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. අදාළ නවීකරණ කටයුතු සිදු කෙරෙමින් පවතින අතරතුර ගොඩනැඟිලි සංකීර්ණයේ සිදු කළ යුතුව ඇති තවත් අත්‍යවශ්‍ය කාර්යයන් කිහිපයක් රෝහල් අධිකාරිය විසින් යෝජනා කර ඇත. ඒ අනුව ශල්‍යාගාරයේ සිදු කළ යුතු වැඩිදියුණු කිරීම්, අප ජල වහන පද්ධති සකස් කිරීම යනාදී හඳුනාගත් අත්‍යවශ්‍ය කාර්යයන්ද සිදු කරවා ගැනීමට හැකි වන පරිදි රුපියල් මිලියන 500ක් වූ එම ව්‍යා‍පෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව, රුපියල් මිලියන 692.43ක් දක්වා සංශෝධනය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.