• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1949 අංක 58 දරණ මුදල් නීති පනත සඳහා වන සංශෝධන
- ශ්‍රී ලංකාවේ මහ බැංකුකරණයට අදාළ නීති දියුණු ජාත්‍යන්තර පරිචයන්ට අනුකූල වන පරිදි යාවත්කාලීන කිරීම සඳහා වන ප්‍රතිසංස්කරණ කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, මහ බැංකු කාර්යයන් සඳහා දැනට බල පැවැත්වෙන 1949 අංක 58 දරණ මුදල් නීති පනතට සිදු කිරීමට යෝජිත සංශෝධන පිළිබඳ මුදල් මණ්ඩලය සහ අදාළ සියලුම පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර තිබේ. නව නම්‍යශීලී උද්ධමන ඉලක්ක කරන මුදල් ප්‍රතිපත්තිමය රාමුවක් හඳුන්වාදීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ කළමනාකරණ ව්‍යුහය තුළ යහපාලන ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම, තොරතුරු හෙළිදරව් කිරීමේ අවශ්‍යත‍ා රැසක් හඳුන්වා දීම සහ ශ්‍රී ලංකා මහ බැංකුව රටෙහි සාර්ව විචක්ෂණ අධිකාරිය වශයෙන් හඳුනා ගැනීම සඳහා වන සංශෝධන මෙහි අන්තර්ගත වෙයි. ඒ අනුව, 1949 අංක 58 දරන මුදල් නීති පනත පරිච්ඡින්න කොට නව නීතිය ප්‍රතිස්ථාපනය කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.