• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී බුද්ධ වර්ෂ 2563 රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම
- ශ්‍රී බුද්ධ වර්ෂ 2563 රාජ්‍ය වෙසක් උත්සවය 2019 මැයි මස 17 දින ද වෙසක් පුන් පොහෝ දින වැඩසටහන මැයි මස 18 වන දින ද රාජ්‍ය අනුග්‍රහය සහිතව ගාල්ල හික්කඩුවේ පිහිටි තෙල්වත්ත, තොටගමු පුරාණ රත්පත් රජමහ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. එකී උත්සවයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි විහාරස්ථානයන්හි භෞතික සංවර්ධනය වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, මතින් තොර අධ්‍යාත්මික සංවර්ධනයෙන් පිරිපුන් සමාජයක් බිහි කිරීම සඳහා ආධ්‍යාත්මික වැඩසටහන් පැවැත්වීම සහ සවිමත් ආර්ථිකයක් හා බුදු දහමින් පෝෂිත සාහිත්‍ය හා කලාවේ ප්‍රබෝධයක් ඇති කිරීමේ වැඩසටහන් පැවැත්වීමටත් යෝජනා වී ඇත. ඒ අනුව, 2019 වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රදේශයේ පිහිටි තෙල්වත්ත, තොටගමු පුරාණ රත්පත් රජමහ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීම, 2019 මැයි මස 15 වන දින සිට 21 වන දින දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ ඊට සමගාමීව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඉහත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.