• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත අනුව වනජීවී සංරක්ෂණ උපදේශක කමිටුවේ සාමාජිකයින් පත් කිරීම
- සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රක්ෂිතවල හෝ එම රක්ෂිතවලින් බැහැරව වෙසෙන ආරක්ෂිත වනජීවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ජාතික වනජීවී ප්‍රතිපත්තිය හා නීතිය ක්‍රියාත්මක කිරීම, වනජීවී ආරක්ෂිත පාරිසරික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, වනජීවී සම්පත් සංරක්ෂණය කිරීම හා අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා කටයුතු කිරීම ය‍නාදී කාර්යයන් පැවරී තිබේ. මෙම අමාත්‍යාංශය යටතේ ඇති උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය ඇතුළුව උද්භිද උද්‍යාන කිහිපයක්ම කළමනාකරණය කිරීම හා සංවර්ධනය කිරීම සිදු කරනු ලබයි. මීට අමතරව මෙම අමාත්‍යාංශය යටතේ ඇති සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් දෙහිවල සත්ත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නල නව සත්ත්වෝද්‍යානය හා හම්බන්තොට සෆාරි උද්‍යානය පාලනය කරනු ලබයි.

මෙම කාර්යයන් සඳහා අමාත්‍යවරයාට උපදෙස් දීම පිණිස වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 70(1) වගන්තිය යටතේ අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීනයන්ද ඇතුළත් උපදේශක කමිටුවක් පත්කිරීම පිණිස සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.