• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු පාසලේ පහසුකම් වැඩි දියුණු කිරීම
- එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගි වන හමුදා සාමාජිකයින් සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම කුකුළේ ගඟ ජල විදුලි ව්‍යාපෘතියේ කාර්යාල සංකීර්ණයේ පවත්වා ගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානය මඟින් සිදු කරනු ලබයි. එම පුහුණු කටයුතු වඩාත් ගුණාත්මක ලෙස හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිදු කිරීමට හැකි වන පරිදි රුපියල් මිලියන 811.71ක ආයෝජනයක් යටතේ එම පුහුණු පාසලේ පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.