• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොකුරු බෝම්බ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය (ඔස්ලෝ සම්මුතිය) ශ්‍රී ලංකාවේ නීතිගත කිරීම
- බහු විධ පිපුරුම් සහිත අනු - යුධ අවි අඩංගු කර සාදනු ලබන ඉතා විනාශකාරී ආයුධ වර්ගයක් වන පොකුරු බෝම්බ වැළැක්වීම පිළිබඳ වන ප්‍රඥප්තියට ප්‍රවේශවීම මඟින් ශ්‍රී ලංකාව මානුෂීය නිරායුධකරණය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යයක් ලෙස යහපත් ප්‍රතිරූපයක් ඇති කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම එමඟින් කලාපයේ සාමය හා ආරක්ෂාව මෙන්ම ලෝක සාමය ඇති කිරීම කෙරෙහි සිදු කළ හැකි දායකත්වය සැලකිල්ලට ගෙන පොකුරු බෝම්බ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් ඔස්ලෝ සම්මුතිය මෙරට නීති පද්ධතියට ඇතුළත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.