• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුෂ්කර ප්‍රදේශවල ජනතාවගේ ගමනාගමන පහසුව සඳහා ආරක්ෂිත කුඩා පාලම් හඳුන්වා දීම
- දුෂ්කර ප්‍රදේශවල ගමනාගමනය සඳහා යොදා ගන්නා අනාරක්ෂිත තත්ත්වයේ ඒ දඬු, වැල්පාලම් හෝ ආධාරකයක් නොමැතිව සිදු කරනු ලබන ගමනාගමන අපහසුකම් ඇති ස්ථාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් හඳුනාගෙන එම ස්ථාන සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ හා තාක්ෂණ (NERD) ආයතනය විසින් නිර්මාණය කරන ලද ආරක්ෂිත කුඩා පාලම් 1,000ක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එම වැඩසටහන 2020 - 2022 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ප්‍රතිපාදන සලසා ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.