• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික විද්‍යා ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම මඟින් ආර්ථිකය සවිබල ගැන්වීම
- යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් සවිබල ගැන්වෙන ආර්ථික සංවර්ධන මූලාරම්භය වැඩසටහනේ එක් සංරචකයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත දීර්ඝකාලීන ණය පහසුකම් 'Enterprise Sri Lanka' වැඩසටහන යටතේ ලබා දීමට ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබා දී ඇත.

යෝජිත ව්‍යාපෘතිය මඟින් හිමි වන ප්‍රතිලාභ පිළිබඳ සැලකිල්ලට ගෙන මෙහි තවත් සංරචකයක් ලෙස හඳුනා ගෙන ඇති ප්‍රමිති පුහුණු, මූලාකෘතිකරණය හා පරීක්ෂණ පහසුකම අමාත්‍ය මණ්ඩලයේ නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ සපයා දී ඇති මූල්‍යමය වෙන් කිරීම් හරහා ක්‍රියාත්මක කිරීමද ඇතුළුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමාගේ ඉල්ලීම මත අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.