• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශිල්ප සේනා ප්‍රදර්ශනය - ශ්‍රී ලාංකීය තාක්ෂණික විප්ලවය
- මෙරට විවිධ රාජ්‍ය ආයතන විසින් හඳුන්වා දෙන ලද නව නිපැයුම් මෙන්ම වැඩිදියුණු කරන ලද තාක්ෂණය පවරා දීම සඳහා පහසුකම් සපයා දෙමින් එකී පර්යේෂණ වාණිජකරණය සඳහා අවස්ථාවක් උදාකර දීමේ ප්‍රධාන පරමාර්ථය සහිතව 'ශිල්ප සේනා - ශ්‍රී ලාංකීය තාක්ෂණික විප්ලවය' නමින් දිස්ත්‍රික් මට්‍ටමේ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතියි. දැනට රාජ්‍ය පර්යේෂණ ආයතනයන් විසින් වැඩිදියුණු කරනු ලැබ ඇති අඩු වියදම් තාක්ෂණයන් හා උසස් තත්ත්වයේ තාක්ෂණයන් දේශීය කර්මාන්තකරුවන්ට හා ව්‍යවසායකයන්ට හඳුන්වාදීම මෙමඟින් අපේක්ෂා කරනු ලබයි. යෝජිත ප්‍රදර්ශනය සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය පර්යේෂණ ආයතන හා විශ්වවිද්‍යාල ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරනු ලැබේ. ඒ අනුව විවිධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන විසින් පවත්වනු ලබන ප්‍රදර්ශන හා වැඩසටහන්වලට සමගාමීව ශිල්ප සේනා ප්‍රදර්ශනයද පැවැත්වීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමතිතුමාගේ ඉල්ලීම අනුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.